Tuesday, November 1, 2011

NetQin ජංගම දුරකථන ආරක්ෂක පද්ධතිය.

අප සියළුදෙනාම කැමතියිනෙ අපගේ පරිගණකය වගේම අපගේ ජංගම දුරකථනයත් වයිරස් වැනි ආසාදන වලින් තොරව ආරක්ෂාකාරීව තබාගන්න. මම අද ඔබට ඉදිරිපත් කරන්නේ ජංගම දුරකථන වල ආරක්ෂාව සදහා යොදාගත හැකි මෘදුකාංගයක් පිළිබදව. මෙය ප්‍රතිවයිරස් මෘදුකාංගයක්ම පමණක් නොව, ජංගම දුරකථන සදහා යොදාගත හැකි බහුකාර්ය මෘදුකාංගයක්. මේ ලිපිය කියවලාම බලන්නකො.






NetQin Mobile Security 5.2
 


NetQin Mobile Security ජංගම දුරකථන ආරක්ෂක පද්ධති එකතුවකි.
  
  • Anti-virus
  • Anti-lost
  • Privacy Protection
  • Contact Back-up
  • Optimization
  • Network Manager
  • Pro Member Paid Features



Anti-virus

NetQin Mobile Security මගින් තත්පර කිහිපයක් තුලදී ඔබගේ ජංගම දුරකථනය පරීක්ෂාකර  වයිරස්, මැල්වෙයා, ස්පයිවෙයා,මගින් ඔබේ ජංගම දුරකථනය ආරක්ෂා කිරීමත්, එමගින් ජංගම දුරකථනයේ වේගය ආරක්ෂා කිරීමත් සිදුවේ. එමෙන්ම ඔබ ජංගම දුරකථනයෙන් අන්තර්ජාලයේ සැරිසරන අවස්ථා වලදී වයිරස් හෝ වෙනත් අනතුරු සහිත ආසාදනයන්ගෙන් ඔබේ ජංගම දුරකථනය ආරක්ෂා කිරීමට කටයුතු කිරීම සහ අනතුරු සහිත වෙබ් අඩවි තුලට පිවිසීමට පෙර ඒ පිළිබදව ඔබව දැනුවත් කිරීමක් සිදුකරයි. එපමණක් නොව ඔබ ඔබගේ ජංගම දුරකථනයට කිසියම් මෘදුකාංගයක් බාගත කර ගැනීමේදී එහි ගුණාත්මකභාවය සොයාබැලීමත් එය ජංගම දුරකථනයට අනතුරුදායක නම් බලහත්කාරයෙන්ම එම මෘදුකාංගය ජංගම දුරකථනයෙන් ඉවත් කිරීමත් සිදුකරයි.


Anti-lost

 
මෙහි ඇති වැදගත්ම කාර්යය වන්නේ Anti-Lost පහසුකම සහිත වීමයි. ඔබගේ ජංගම දුරකථනයේ සිම්පත වෙනස්කල අවස්ථාවලදී NetQin Mobile Security වෙත ඔබ ලබා දී ඇති දුරකථන අංකයක් වෙත කෙටි පණිවිඩයක් මගින් ඒ බව දැනුම් දීමක් සිදුවේ. මෙමගින් ජංගම දුරකථනය අස්ථාන ගත වූ විට හෝ සොරාගත් අවස්ථාවක සිම්පත වෙනස් කල විට, නව සිම්පතින් ඒ පිළිබදව දන්වා කෙටි පණිවිඩයක් ඔබට ලැබේ. එමගින් ඔබගේ ජංගම දුරකථනය සොයාගැනීමට පහසුවක් වේ.








Privacy Protection

Privacy Protection පහසුකම මගින් ඔබගේ පෞද්ගලික තොරතුරු රහසිගතව තැම්පත් කළ හැකිය. මෙහිදී ඔබ විසින් Privacy Protection පහසුකම සදහා ලබාදෙන User names සහ Password මගින් ඔබගේ තොරතුරු වල රහස්‍යභාවය උපරිමයෙන්ම ආරක්ෂා වේ.









Contact Back-up



SD මෙමරි චිපය හෝ NetQin සේවරය භාවිතාකර ඔබගේ ජංගම දුරකථනයෙ Contacts ; Back-up කිරීමට සහ Restore කිරීමට හැකිකාවක් NetQin Mobile Security මෘදුකාංගය මගින් ලැබේ. එමෙන්ම නොමිලේ ලබාදෙන Online NQ Space ගිණුමක් මගින් Back-up කරන ලද දත්ත කළමනාකරණයට හැකියාවක්ද මෙමගින් ලැබේ.






Optimization

ඔබගේ ජංගම දුරකථනයේ දත්ත භාවිත පිළිබදව තොරතුරු ලබාගැනීමට සහ ජංගම දුරකථනයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අනවශ්‍ය මෘදුකාංග වසා දැමීමත් Optimization මගින් සිදු වේ.










 Network Manager

 
Network Firewall එකක් ලෙස ක්‍රියාකරමින් අනවශ්‍ය මෘදුකාංග වසාදැමීමත්, උපරිම දත්ත භාවිතයක් ලබාදීමත් සිදුවේ.













Pro Member Paid Features

Pro Member Paid Features මගින් ප්‍රතිවයිරස් මෘදුකාංග ස්වයංක්‍රීයව යාවත්කාලීන වීමත්, ඔබගේ ජංගම දුරකථනය අස්ථාන ගතවූ විටදී හෝ සොරාගත් අවස්ථා වලදී ස්වයංක්‍රීයවම ජංගම දුරකථනය අගුළු වැටීම, නාදය හා සිහිකැදවීම් අත්හිටුවීම, ඔබගේ පෞද්ගලික තොරතුරු, ඡායාරූප, පණිවිඩ ස්වයංක්‍රීයවම මැකීයාමත් සිදුවේ. මෙහිදී Anti-eavesdropping පහසුකම මගින් රහසිගතව ඔබේ දුරකථනයේ ඇමතුම් පටිගත කිරීම, හුවමාරු කිරීම වැලැක්වීමද සිදුවේ.













යාළුවනේ මේ ගැන හිතෙන දේ comment එකකින් දාලා යන්න හොදේ. නැවත හමුවෙමු.
ජය ශ්‍රී !

 

Thursday, September 29, 2011

නොකියා ජංගම දුරකථනයේ පරිගණක පාලන කට්ටලය.

ඔබ අළුතෙන් නොකියා ජංගම දුරකථනයක් මිලදී ගන්නා අවස්ථාවේදී බොහෝවිට ඒ සමග සීඩී තැටියක් ලබාදෙනවා. ඒ තමයි ඔබගේ ජංගම දුරකථනය පරිගණයකට සම්බන්ධ කර ක්‍රියාත්මක කිරීමට අවශ්‍යය මෘදුකාංගය නැතහොත් ඩ්‍රයිවර්ස් සීඩී තැටිය. නමුත් ඔබට මෙම මෘදුකාංගය භාවිතාකල හැක්කේ ඔබ මිලදී ජංගම දුරකථන වර්ගයට අදාල ජංගම දුරකථන සමග පමණි. මම අද ඔබට සේප්පුවෙන් ඉදිරිපත් කරන්නේ සියළුම නොකියා ජංගම දුරකථන ඔබගේ පරිගණකයට සම්බන්ධ කර ක්‍රියාත්මක කලහැකි මෘදුකාංගයක් පිළිබදවයි.



Nokia PC Suite v7.1.62.1









මෙම මෘදුකාංගය මගින් අපගේ නොකියා ජංගම දුරකථනය Infrared, Bluetooth හෝ USB Cable හරහා පරිගණකයට සම්බන්ධ කල හැකිය.




1රූපය


 සාමාන්‍යයෙන් අපි නොකියා ජංගම දුරකථන පරිගණකයට සම්බන්ධ කරනවිට ඒ එක් එක් ජංගම දුරකථනයට අදාල ඩ්‍රයිවර්ස් පරිගණකයට ස්ථාපිත කලයුතුය. නමුත් මේ මෘදුකාංගය මගින් ඔබ පරිගණකයට නොකියා ජංගම දුරකථනයක් සම්බන්ධ කල විට ස්වයංක්‍රීයවම ඊට අදාල ඩ්‍රයිවර්ස් පරිගණකයට ස්ථාපිත කරගනී.  




2රූපය


ඉහත 1රූපයේ ඇති එක් එක් අයිකනයේ කාර්යයන් පහත 2රූපයේ දක්වා ඇත.




3රූපය



මෙහි ඇති වැදගත්ම කාර්යය වන්නේ ඔබගේ නොකියා ජංගම දුරකථනය අන්තර්ජාල පහසුකම් ලබාගැනීමට මොඩමයක් ලෙස භාවිතාකිරීමට හැකියාවයි. එලෙස ජංගම දුරකථනය, මොඩමයක් ලෙස භාවිතාකිරීමට අවශ්‍ය ඩ්‍රයිවර්ස් මෙම මෘදුකාංගය මගින් ස්වයංක්‍රීයව පරිගණකයේ ස්ථාපිත කරගනී. නොකියා ජංගම දුරකථනය Infrared මොඩමයක්, Bluetooth මොඩමයක් හෝ USB Cable මොඩමයක් ලෙස භාවිතාකිරීමට හැකිය.





4රූපය

නොකියා ජංගම දුරකථන භාවිතාකරන ඔබට මෙම මෘදුකාංගය ඉතා ප්‍රයෝජනවත් වනු ඇත. 


නැවත හමුවෙමු. යාළුවනේ comment එකකුත් දාලා යන්න.


Sunday, September 25, 2011

පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය ආරක්ෂා කරගනිමු.

මම අද ඔයාලට සේප්පුවෙන් අළුත් දෙයකුත් අරගෙන තමයි ආවේ.

අප නිරන්තරයෙන් අවධානය යොමුකරන්නේ අප පරිගණකයේ මෙහෙයුම් පද්ධතියේ (Operating System) ආරක්ෂාව පිළිබදවයි. අපගේ පරිගණකය ආශ්‍රිත කටයුතු නිවැරදිව හා අපහසුතාවයකින් තොරව සිදුකරගැනීමට නම් පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය නිවරදිව හා හිතකර අයුරින් පැවතිය යුතුය. නමුත් විවිධ දෝශ හා ක්‍රියා හේතු කොටගෙන මෙම මෙහෙයුම් පද්ධතිය නිසිආකාරයෙන් ක්‍රියාත්මක නොවියහැකිය, වේගය අඩාල වියහැකිය. නමුත් එම දෝශය නිවරදිව හදුනාගෙන එයට විසදුම් සැපයීමට බොහෝ විට පරිගණකය ක්‍රියාකරන්නන්ට නොහැකිය. මේ සදහා විශේෂිත මෘදුකාංග ඇත. එම මෘදුකාංග මගින් අදාල දෝශ හදුනාගෙන එම දෝශ නිවරැදි කිරීමට කටයුතු සිදුකරයි. ඔබ මෙවැනි මෙහෙයුම් පද්ධති ආරක්ෂක මෘදුකාංගයක් තෝරාගැනීමේදී සැලකිලිමත් වියයුත්තේ එමගින් මෙහෙයුම් පද්ධතියට සැලසෙන ආරක්ෂාව හා එය භාවිතා කිරීමෙන් අත්වන ප්‍රතිඵල පිළිබදවයි. මම අද ඔබට ඉදිරිපත් කරන්නේ නිතැතින්ම ඔබගේ පරිගණකයට ඉහළ ආරක්ෂාවක් සපයාදිය හැකි එවැනි මෘදුකාංගයක් පිළිබදවයි.





IObit Advanced SystemCare Free v4.1.0













Advance SystemCare Free මෘදුකාංගය මගින් පරිගණකයේ මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාත්මකවන Spyware, Malware, Adware වැනි වයිරස් හදුනාගැනීමත් ඒවා ඉවත්කිරීමත්, පරිගණකයේ කාර්යක්ෂමතාව ඉහළ දැමීම සදහා Registry clean up කිරීමත්,හාර්ඩ් ඩිස්ක් ඩ්‍රයිව් Defragment කිරීමත්, මෙහෙයුම් පද්ධතියට හානිවී ඇතිනම් ඒවා හදුනාගෙන මෙහෙයුම් පද්ධතිය යථාතත්වයට පත්කිරීමත්, මෙහෙයුම් පද්ධති Restore point සකස්කිරීමත්, හාර්ඩ් ඩිස්ක් ඩ්‍රයිව් හි දෝශ (Errors) හදුනාගෙන ඒවා නිවැරදි කිරීමත්, සුන්බුන් ලිපිගොනු (Junk files) හදුනාගෙන ඒවා මෙහෙයුම් පද්ධතියෙන් ඉවත්කිරීමත්, අනවශ්‍ය Shortcut වෙතොත් ඒවා ඉවත්කිරීමත්, අවශ්‍ය Shortcut හදුනාගෙන අළුත්වැඩියා කිරීමත් වැනි බොහෝ කාර්යයන් රැසක් සිදුකරයි. මෙය ඔබගේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතියේ ආයුකාලය ඉහළ මට්ටමකට ගෙන ඒමට උපකාරීවේ.

එමෙන්ම මේ සමගම පැමිණෙන Game Booster හා Switch to Gaming මෘදුකාංග පරිගණක ක්‍රීඩාකරන ඔබට ඉතාමත් වැද්ගත් වේ. මෙමගින් පරිගණක ක්‍රීඩාවක් ක්‍රියාත්මක කිරීමේදී මෙම මෘදුකාංග ක්‍රියාත්මක කර අනවශ්‍ය සියළු වැඩසටහන් අක්‍රීයකර ඉතා වැඩි වේගයකින් පරිගණක ක්‍රිඩාව කිරීමට අවස්ථාව ලබාදේ.

මෙය භාවිතාකර බලන්න, ඔබට නිතැතින්ම මෙහි ඇති වෙනස වැටහේවි. ඔබගේ පරිගණකය කිසිදු අපහසුතාවයකින් තොරව ක්‍රියාත්මක කිරීමට මෙම මෘදුකාංගය රුකුලක් වන බව නොවනුමානය. 


එහෙනම් යාළුවනේ නැවත දවසක හමුවෙමු. ඔයාලගෙන් තෑගිබෝග ඔනේ නෑ comment එකක් තිබුනොත් හොද්ටෝම ඇති.


සුභ දවසක්....!






Wednesday, September 21, 2011

Battlestrike: SHADOW of STALINGRAD පරිගණක ක්‍රිඩාව

1942 අගෝස්තු දෙවන ලෝක යුධ සමයේ හිට්ලර්ගේ නාසි හමුදාවේ සාමාජිකයින් යුරෝපය හරහා පැමිණෙමින් සිටින අතර තුර ඔවුන්ගේ ඇස ගැටෙනවා අතිප්‍රබල සොවියට් දේශය. තමන්ගේ ජයග්‍රහණය ස්ටලින්ගාඩ් නගරය බිදවැටීම ලෙස සිතූ නාසි හමුදාව තම අරමුණ ලගා කරගැනීමට නගරය ආක්‍රමණය කිරීම සිදුකරනවා. මෙකල ඔවුන්ගෙ ජර්මානු විද්‍යාඥයන් විසින් නව මාරාන්තික රසායනික ප්‍රතිකාරක සකස් කිරීමත් සිදුකරනු ලබනවා. මෙහිදී ක්‍රිඩකයා රුසියානු විශේෂ කම්කරුවකු ලෙස නැගෙනහිරින් පිහිටි කම්කරු නිවාස පිටුපසින් ගොස් හිට්ලර්ගේ නාසි හමුදාව හා ඔවුන්ගේ මාරාන්තික රසායනික ප්‍රතිකාරක නිෂ්පාදනය නැවැත්වීමත් තුලින් නගරය ආරක්ෂා කරගැනීමත්, නගරය යුද්ධයෙන් බේරාගැනීමටත් කටයුතු කලයුතුය.






ක්‍රීඩාව ක්‍රියාත්මක කිරීමට පරිගණකය තුළ තිබිය යුතු අවශ්‍යතා.

  • Windows 2000/XP or Windows VISTA
  • DirectX 9.0 or higher (included on the DVD)
  • CPU 2.4GHz or equivalent
  • 1GB RAM
  • GetForce 6600 or Radeon 9800PRO Video Card with 128MB RAM
  • 16-bit sound card with EAX 2.0 compatible with DirectX 9.0
  • 4GB of free hard drive space for installation
  • 4x speed DVD-ROM Drive







 සිව්වන කොටස බා ගැනීම සදහා




ඉහත දැක්වෙන සියළුම භාගත කිරීම් සිදුකල පසු, ක්‍රිඩාව පරිගණකයට Install කර Burn කිරිම හෝ Image කිරීම මගින් පරිගණක ක්‍රීඩාව ක්‍රියාත්මක කල හැකිය.(මේ සදහා Alcohol 120% වැනි මෘදුකාංගයක් භාවිතාකල හැකිය). 




ඔයාලත් Battlestrike: SHADOW of STALINGRAD  play කරලා බලන්නකො හොදද කියලා. ආයෙත් දවසක තවත් දෙයක් අරගෙන එන්නම්...... 
       comment එකකුත් දාලා යන්න හොදේ....



Thursday, September 15, 2011

ආයුබෝවන් !



        ඔන්න යළුවනේ ආයුබෝවන් කියලා වැඩේ පටන් ගත්ත. මුලින්ම මේ බ්ලොග් අඩවිය ලියන මම කවුද කියල ඔයාලට හදුන්වලා දෙන්න එපැයි......මම රමීල වරුණ ප්‍රසද් . ඉතින් යාළුවනේ මට හිතුනා මගේ දැනුම ඔයාලත් එක්ක බෙදා හදා ගන්න ඕනේ කියලා. දන්න සුළු දෙයක් හරි බදාගෙන කනවට වඩා හොදයිනෙ බෙදාගෙන කන එක නේද? ඒක නිසා මම හිතුවා මේ බ්ලොග් අඩවිය නිර්මාණය කරන්න.

මම හිතුවා මගේ බ්ලොග් අඩවිය "සේප්පුව" කියලා නම දැම්මොත් හොදයි කියලා.මොකද යාළුවනේ සෙප්පුවක තියෙන්නෙ වටිනා දෙවල්නෙ.මේ සේප්පුවෙ තියෙන්නෙත් ඔයාලට වටින දෙවල්.මම උත්සහා කරනවා මගේ මේ බ්ලොග් අඩවියෙන් ඔයාලට වටිනා යමක් ලබාදෙන්න. හ්ම්...... එහෙනම් යාළුවනේ නැවත දවසක වටිනා දෙයක් අරගෙන එන තුරු,

ඔබට ජය ශ්‍රි !
^ Scroll to Top