Sunday, September 25, 2011

පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය ආරක්ෂා කරගනිමු.

මම අද ඔයාලට සේප්පුවෙන් අළුත් දෙයකුත් අරගෙන තමයි ආවේ.

අප නිරන්තරයෙන් අවධානය යොමුකරන්නේ අප පරිගණකයේ මෙහෙයුම් පද්ධතියේ (Operating System) ආරක්ෂාව පිළිබදවයි. අපගේ පරිගණකය ආශ්‍රිත කටයුතු නිවැරදිව හා අපහසුතාවයකින් තොරව සිදුකරගැනීමට නම් පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය නිවරදිව හා හිතකර අයුරින් පැවතිය යුතුය. නමුත් විවිධ දෝශ හා ක්‍රියා හේතු කොටගෙන මෙම මෙහෙයුම් පද්ධතිය නිසිආකාරයෙන් ක්‍රියාත්මක නොවියහැකිය, වේගය අඩාල වියහැකිය. නමුත් එම දෝශය නිවරදිව හදුනාගෙන එයට විසදුම් සැපයීමට බොහෝ විට පරිගණකය ක්‍රියාකරන්නන්ට නොහැකිය. මේ සදහා විශේෂිත මෘදුකාංග ඇත. එම මෘදුකාංග මගින් අදාල දෝශ හදුනාගෙන එම දෝශ නිවරැදි කිරීමට කටයුතු සිදුකරයි. ඔබ මෙවැනි මෙහෙයුම් පද්ධති ආරක්ෂක මෘදුකාංගයක් තෝරාගැනීමේදී සැලකිලිමත් වියයුත්තේ එමගින් මෙහෙයුම් පද්ධතියට සැලසෙන ආරක්ෂාව හා එය භාවිතා කිරීමෙන් අත්වන ප්‍රතිඵල පිළිබදවයි. මම අද ඔබට ඉදිරිපත් කරන්නේ නිතැතින්ම ඔබගේ පරිගණකයට ඉහළ ආරක්ෂාවක් සපයාදිය හැකි එවැනි මෘදුකාංගයක් පිළිබදවයි.





IObit Advanced SystemCare Free v4.1.0













Advance SystemCare Free මෘදුකාංගය මගින් පරිගණකයේ මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාත්මකවන Spyware, Malware, Adware වැනි වයිරස් හදුනාගැනීමත් ඒවා ඉවත්කිරීමත්, පරිගණකයේ කාර්යක්ෂමතාව ඉහළ දැමීම සදහා Registry clean up කිරීමත්,හාර්ඩ් ඩිස්ක් ඩ්‍රයිව් Defragment කිරීමත්, මෙහෙයුම් පද්ධතියට හානිවී ඇතිනම් ඒවා හදුනාගෙන මෙහෙයුම් පද්ධතිය යථාතත්වයට පත්කිරීමත්, මෙහෙයුම් පද්ධති Restore point සකස්කිරීමත්, හාර්ඩ් ඩිස්ක් ඩ්‍රයිව් හි දෝශ (Errors) හදුනාගෙන ඒවා නිවැරදි කිරීමත්, සුන්බුන් ලිපිගොනු (Junk files) හදුනාගෙන ඒවා මෙහෙයුම් පද්ධතියෙන් ඉවත්කිරීමත්, අනවශ්‍ය Shortcut වෙතොත් ඒවා ඉවත්කිරීමත්, අවශ්‍ය Shortcut හදුනාගෙන අළුත්වැඩියා කිරීමත් වැනි බොහෝ කාර්යයන් රැසක් සිදුකරයි. මෙය ඔබගේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතියේ ආයුකාලය ඉහළ මට්ටමකට ගෙන ඒමට උපකාරීවේ.

එමෙන්ම මේ සමගම පැමිණෙන Game Booster හා Switch to Gaming මෘදුකාංග පරිගණක ක්‍රීඩාකරන ඔබට ඉතාමත් වැද්ගත් වේ. මෙමගින් පරිගණක ක්‍රීඩාවක් ක්‍රියාත්මක කිරීමේදී මෙම මෘදුකාංග ක්‍රියාත්මක කර අනවශ්‍ය සියළු වැඩසටහන් අක්‍රීයකර ඉතා වැඩි වේගයකින් පරිගණක ක්‍රිඩාව කිරීමට අවස්ථාව ලබාදේ.

මෙය භාවිතාකර බලන්න, ඔබට නිතැතින්ම මෙහි ඇති වෙනස වැටහේවි. ඔබගේ පරිගණකය කිසිදු අපහසුතාවයකින් තොරව ක්‍රියාත්මක කිරීමට මෙම මෘදුකාංගය රුකුලක් වන බව නොවනුමානය. 


එහෙනම් යාළුවනේ නැවත දවසක හමුවෙමු. ඔයාලගෙන් තෑගිබෝග ඔනේ නෑ comment එකක් තිබුනොත් හොද්ටෝම ඇති.


සුභ දවසක්....!






No comments:

Post a Comment

^ Scroll to Top