Sunday, March 22, 2015

VLC මාධ්‍ය ධාවකය දැන් සිංහලෙන්

මම අද ඔයාලට ඉදිරිපත් කරන්නේ අපේ සිංහල භාෂාවෙන් භාවිතා කළ හැකි මාධ්‍ය ධාවකයක් (Media Player) ක් පිළිබදව. ඔයාල ගොඩක් දෙනෙක් භාවිතා කරනවා ඇති VLC මාධ්‍ය ධාවකය, නමුත් ගොඩාක් දෙනෙක් නොදන්නවා ඇති මාධ්‍ය ධාවකය සිංහල භාෂාවෙන් භාවිතා කළ හැකි බව. මම අද ඒ නොදන්න සියළු දෙනාටම දැනගන්න කියල දෙන්නම් කොහොමද VLC මාධ්‍ය ධාවකය සිංහලෙන් භාවිතාකරන්නෙ කියලා.


 VLC Media Player




VLC Media Player නොමැති අය මෙතනින් බා ගන්න.


මුලින්ම ඔබ විසින් බා ගනු ලැබූ VLC Media Player පරිගණකයට ස්ථාපිත කරගන්න. ඉන්පසු VLC Media Player විවෘත කර Tools Tab Click කරන්න. එවිට පහත රූපයේ ආකාරයේ Drop down list එකක් ලැබේ.






එහි ඇති Preferences තෝරාගන්න (රතු රවුමින් දක්වා ඇති ). නැතහොත් යතුරු පුවරුවේ Ctrl + P යතුරු එකවර තද කරන්න. ඉන්පසු පහත ආකාරයේ නව කවුළුවක් විවෘත වේ.





 එහි Menus language හි ඉදිරියෙන් ඇති Drop down list එක click කර, ඉන් සිංහල භාෂාව තෝරාගන්න (නිල් රවුමින් දක්වා ඇති ). ඉන්පසු Save කරගන්න. දැන් ඔබ VLC මාධ්‍ය ධාවකය විවෘත කල පසු පහත පරිදි නව සිංහල මුහුණතක් සමග දිස්වේ.




***  Windows 7, Windows 8 හා Windows 8.1 මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන ඔබටත් දැන් මේ නව අත්දැකීම විදගත හැකිය.



යාළුවනේ ඔයාලත්  Comment එකක්, Like එකක් දාලා ගියාට කවුරුත් මොකුත් කියන්නෙ නෑ හොදේ.....

නැවත හමුවෙමු.






1 comment:

  1. මෙච්චරකල් මේ ප්ලෙයර් එක පාවිච්චි කලාට අද තමයි දන්නෙ මෙක සිංහලෙන් වැඩ කරනවා කියලා.. බොහොම ස්තූතියි..

    ReplyDelete

^ Scroll to Top