Sunday, March 22, 2015

ඉක්මනින් හා පහසුවෙන් සිංහල ටයිප් කරන මග. (යුනිකෝඩ් එසැණින් පරිවර්තකය)

හ්ම්...............යාළුවනේ, මම අද සේප්පුවෙන් ඔයාලට නිතර නිතර වුවමනා වෙන දෙයකුත් අරගෙන ආවා ඔන්න. 

අපට යමක් සිංහලෙන් ටයිප් කරීමට යන අවස්ථා වලදී විවිධ ගැටළු වලට මුහුණදෙන්න සිදුවෙනවා. සමහර අවස්ථා වලදී අවශ්‍ය යමක් සිංහලෙන් ටයිප් කරගැනීමට විශාල කාලයක් වැයවෙනවා, විවිධ අපහසුතා ඇති වෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාංශය මේ සිංහල ටයිප් කිරීමේ කාර්යය පහසු කිරීමට යුනිකෝඩ් පරිවර්තකයක් නිර්මාණය කරල තිබෙනවා. 

















මෙය ඉතාමත් පහසුවෙන් ක්‍රියාත්මක කලහැකි වෙබ් පිටුවක්. ඔබ කලයුතු වන්නේ Transliterated box එක තුල සිංග්ලිෂ් ආකාරයෙන් (SMS භාෂාවෙන්) ටයිප් කිරීමයි. එවිට Unicode box එක තුල එයට අදාල යුනිකෝඩ් දිස්වේ. එය copy (Ctrl + C) කර අවශ්‍ය ස්ථානයට paste (Ctrl + V) කල යුතුය. බලන්න යාළුවනේ අපට දැන් සිංහලෙන් ට්යිප් කරන්න කොතරම් පහසුද කියලා. 


එම වෙබ් පිටුවේ දැක්වෙන Show Transliteration Scheme බොත්තම (ඉහත රූපයේ රතු රවුමින් දක්වා ඇති ) click කල පසු පහත රූපයෙ දැක්වෙන කවුළුව විවෘත වේ. එමගින් එක් එක් සිංහල අක්ෂරය සදහා අවශ්‍ය Transliteration Scheme ලබාගත හැකිවේ.




ඔබට අවශ්‍ය අක්ෂර වර්ගය තෝරාගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න.



*** මෙම වෙබ් පිටුව HTML file එකක් ලෙස save කරගැනීමෙන් අන්තර්ජාල සම්බන්ධතාවය නොමැති විටක වුවද මෙම යුනිකෝඩ් පරිවර්තකය භාවිතයට ගත හැකිය. ***



දැන් ඔබට මූණු පොතේ සිංහලෙන් comments දාන්න, වෙනත් අවශ්‍ය ලියකියවිලි සිංහලෙන් ටයිප් කරගන්න ඉතාමත් පහසුයි, ගතවන්නේ ඉතා සුළු කාලයක් පමණයි.


කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාංශයේ සහෝදර සහොදරියන්ට මෙවැනි නව සොයාගැනීම් කිරීමට ශක්තිය ධෛර්ය්‍ය ලැබේවා කියලා එයාලට සුභ පතලා ඔන්න එහෙනම් යාළුවනේ මම යනවා...... ඔයාල යනකොට මේකට comment එකකුත් දාගෙනම යන්න හොදේ. 

                                                            සුභ දවසක් ඔයාලට..!






No comments:

Post a Comment

^ Scroll to Top