Sunday, March 22, 2015

වයිරස් ආසාදනයෙන් තොර පරිගණකයක් ඔබටත්

ඔයාලගේ පරිගණක වලට වයිරස් ආසාදන නිතර නිතර ඇතිවෙන්න පුළුවන්. ඒවායෙන් ආරක්ෂා වීමට පරිගණකය තුළ ප්‍රතිවයිරස් මෘදුකාංගයක් තිබීම අත්‍යවශ්‍ය. නමුත් කුමන ප්‍රතිවයිරස් මෘදුකාංගය භාවිතාකරන්නේද යන්න තොරාගැනීම බොහෝ දෙනෙක්ට ගැටළුවකි. මෙසේ පරිගණක ප්‍රතිවයිරස් මෘදුකාංගයක් තෝරාගැනීමේදී විශේෂයෙන් පරිගණකයේ මෙහෙයුම් පද්ධතියේ ආරක්ෂාව පිළිබදව සැලකිලිමත් විය යුතුය. මොකද බොහෝ ප්‍රතිවයිරස් මෘදුකාංග වයිරස් ඉවත්කිරීමේදී මෙහෙයුම් පද්ධතියට බලපෑම් සිදුකරයි. එමෙන්ම වයිරස් හදුනාගැනීමට එම ප්‍රතිවයිරස් මෘදුකාංගයට ඇති හැකියාව පිළිබදවද සැලකිලිමත් විය යුතුය. මම අද ඔයාලට සේප්පුවෙන් ඉදිරිපත් කරන්නේ ලොකයේ වැඩි දෙනෙකු භාවිතාකරන ජනප්‍රිය ප්‍රතිවයිරස් නාමයක් වන Avast පවුලේ නවතම සාමාජිකයා Avast Free Antivirus 2015 මෘදුකාංගයයි.




Avast Free Antivirus 2015







මෙතනින් බා ගන්න



ඔබ පරිගණකය ආරම්භ කල මොහොතේ සිට පරිගණකය අක්‍රිය කරන මොහොත දක්වා ඔබගේ පරිගණකයේ ආරක්ෂක කටයුතු පිලිබදව මෙම මෘදුකාංගය විමසිල්ලෙන් සිටී. ඔබ අන්තර්ජාලයේ සැරිසරන අවස්ථා වලදී, විද්‍යුත් තැපෑල භාවිතාකරන අවස්ථා වලදී  පවා මෙම මෘදුකාංගයෙන් ඔබට ආරක්ෂාව ලබා දේ. පරිගණකයට අවදානමක් ඇති විය හැකි අවස්ථා වලදී ඔබව දැනුවත් කරනු ලබයි, එමෙන්ම ඒ සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලබයි. ඔබ පරිගණකයට අවදානම් සහිත මෘදුකාංගයක් ස්ථාපිත කලහොත් ඒ බව මෙම ප්‍රතිවයිරස් මෘදුකාංගය මගින් ඔබව දැනුවත් කරයි, එය ක්‍රියාත්මක කල යුතු දැයි විමසයි. එබැවින් ඔබගේ පරිගණකයට සුදුසු මෘදුකාංග පමණක් තොරාගැනීමට අපට හැකිවේ. සැබවින්ම මෙය ප්‍රතිවයිරස් මෘදුකාංගයක්ම පමණක් නොව, මෙය බහුකාර්ය මෘදුකාංගයක් ලෙස හැදින්වුවද වරදක් නැත.



බොහෝ ප්‍රතිවයිරස් මෘදුකාංග එය ලියාපදිංචිය සිදුකරන තුරු නිසි ආකාරව ක්‍රියාත්මක නොවේ. ලියාපදිංචි කිරීමට මුදල් ගෙවීමට පවා සිදුවේ. නමුත් Avast Free Antivirus මෘදුකාංගය වර්ශයක් දක්වා නොමිලේ ලියාපදිංචි කාලයක් ලබාදේ.






අවශ්‍ය තොරතුරු ලබා දී, ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනයට Free License Key එක ලබාගත හැකිය.


එහෙනම් යාළුවනේ ආයෙත් දවසක  තවත් අළුත් දෙයකුත් අරගෙන එන්නම්.  comment එකකුත් දාලා යන්න.


ජය වේවා....!




3 comments:

  1. Thanks buddy. It works without any failure.

    ReplyDelete
  2. Thank you Ramila.mama mechchara kal Mcfee pawichchi kale.computer eka harima slow.den meka nisa kisima awlak ne.

    ReplyDelete
  3. Ur welcome.....oyalage comments walata Thank you sooooooooooooooo much!

    ReplyDelete

^ Scroll to Top