Sunday, March 22, 2015

සීඩී ඩ්‍රයිව් එක තුල සීඩී/ඩීවීඩී තැටිය නොමැතිව පරිගණක ක්‍රිඩා කිරීම.

ඔන්න මම අද හා හා පුරා කියලා මගේ සේප්පුවෙන් ලිපියක් ගෙනවා.අපි හැමෝම ගොඩක් ආසයිනේ පරිගණක ක්‍රිඩා වලට. මම හිතුවා පරිගණක ක්‍රිඩා වලට සම්බන්ධ ලිපියක් ඉදිරිපත් කරන්න.

         සමහර අවස්ථා වලදි අපි පරිගණක ක්‍රිඩාවක් පරිගණකයට ඉන්ස්ටෝල් කර ක්‍රියාත්මක කරන විට එය ක්‍රියාත්මක වන්නේ එම පරිගණක ක්‍රිඩාවට අදාල සීඩී/ඩීවීඩී තැටිය සීඩී ඩ්‍රයිව් එක තුල තිබුනොත් පමණි. එම සීඩී/ඩීවීඩී තැටිය සීඩී ඩ්‍රයිව් එක තුලින් ඉවත් කලවිට එම පරිගණක ක්‍රිඩාව ක්‍රියාත්මක නොවේ, එවිට එම ක්‍රිඩාවට අදාල සීඩී/ඩීවීඩී තැටිය ලබා දෙන ලෙස පණිවිඩයක් ලබා දෙයි.  මෙය පරිගණක ක්‍රිඩා කරන විට කිසියම් කරදරකාරී ක්‍රියාවක් ගෙන දෙනවා. එනම් ක්‍රිඩාව ක්‍රියාත්මක වීමට නම් අනිවාර්යයෙන්ම සීඩී ඩ්‍රයිව් එක තුල අදාල සීඩී/ඩීවීඩී තැටිය තිබිය යුතුයි. මෙහිදී පරිගණක ක්‍රිඩාව කරන අතර තුර වෙනත් කාර්යයන් සදහා සීඩී ඩ්‍රයිව් එක භාවිතා කල නොහැකි වේ. මේ කරදරකාරී ක්‍රියාව නිසා සමහර අවස්ථා වලදී පරිගණක ක්‍රිඩාව  පරිගණකයෙන් ඉවත්කර දමනවා. දැන් එසේ කල යුතු වන්නේ නැහැ, මේ සදහා විශේෂ මෘදුකාංග පවතිනවා. මම අද ඔබට ඉදිරිපත් කරන්නෙත් එවැනි මෘදුකාංගයක් පිළිබදවයි. ඒ තමයි,

ALCOHOL 120%





හ්ම්.....එහෙනම් දැන් හැමෝම Alcohol 120% බා ගත්තනේ. මුලින්ම Alcohol 120% පරිගණකයට ඉන්ස්ටෝල් කර ගන්න. මෙය ඉතාමත් පහසුවෙන් හා ඉක්මනින් පරිගණකය තුල ඉන්ස්ටෝල් කල හැකි මෘදුකාංගයක්.


 සීඩී ඩ්‍රයිව් එක තුල සීඩී/ඩීවීඩී තැටිය නොමැතිව පරිගණක ක්‍රිඩා කිරීමට Alcohol 120% මෘදුකාංගය භාවිතා කිරීම.

      මුලින්ම මෘදුකාංගය විවෘත කරගත යුතුයි. මේ සදහා ඔබගේ තිරය මත ඇති Alcohol 120% icon හෝ ස්ටාර්ට් මෙනුව හරහා විවෘත කරගත හැකිය. එවිට ඔබට පහත ආකාරයේ කවුළුවක් විවෘත වේ.


1 රූපය

මෙම මෘදුකාංගය ලියාපදිංචි නොවූ එකක් බැවින් මෙම කවුළුව විවෘත වේ. එය OK කරන්න. ඉන්පසු පහත ආකාරයේ තවත් කවුළුවක් විවෘත වනු ඇත.


2 රූපය

මෙහිදී පරිගණකයේ පවතින සීඩී ඩ්‍රයිව් එකට අමතරව වෙනත් සීඩී ඩ්‍රයිව් එකක් හෝ කිහිපයක් සකස්කර ගත හැකිය. මෙය සැබවින්ම පරිගණකය රැවටීමකි. මෙම අමතර සීඩී ඩ්‍රයිව් එක සකස් කිරිම සදහා Virtual Drive අයිකනය මත click කරන්න (රතු පාටින් රවුම් කර ඇති). ඉන්පසු පහත ආකාරයේ කවුළුවක් විවෘත වේ.

3 රූපය

රතු පාටින් රවුම් කර ඇති ස්ථානයේ ඔබට අවශ්‍ය සීඩී ඩ්‍රයිව් ප්‍රමාණය ලබාදී OK කරන්න. 


4 රූපය



5 රූපය


එවිට 4 රූපය හා 5 රූපය ආකාරයට ඔබට අමතර සීඩී ඩ්‍රයිව් එකක් හෝ කිහිපයක් සකස්කරගත හැකිය. 

ඔන්න එහෙනම් අපි අපේ පරිගණකයට අමතර සීඩී ඩ්‍රයිව් එකකුත් සකස් කරගත්ත. නමුත් අපි හදාගත්ත සීඩී ඩ්‍රයිව් එක තවම වැඩ නැහැ. 4 රූපය ඔයාලට පේනවා ඇති No Media- Ejected (රතු පාටින් ඊ හිස ඇති) කියල සදහන් වෙනවා.අපි දැන් බලමු සකස් කරගත්ත සීඩී ඩ්‍රයිව් එක භාවිතා කරලා කොහොමද පරිගණක ක්‍රීඩාවක් කරන්නෙ කියලා. 

මුලින්ම අපේ පරිගණක ක්‍රීඩාවට අදාල Image එක සකස් කරන්න ඕනේ. මම කියලා දෙන්නම් ඔයාලට ඒක කරන්නෙ කොහොමද කියලා. එහෙනම් දැන් ඔයාලගෙ පරිගණක ක්‍රීඩාව පරිගණකයට ඉන්ස්ටෝල් කරගෙන නොමැති නම් එය ඉන්ස්ටෝල් කරගන්න (පරිගණක ක්‍රීඩා සීඩී/ඩීවීඩී එක සීඩී ඩ්‍රයිව් එකෙන් ඉවත් කරන්න එපා). ඉන්පසු අපි සකස් කරගන්නා Image එක save කර ගැනීමට folder සකස් කරගන්න. 

                උදා :- My Document තුල Alcohol Image නමින් Folder එකක් සකස් කරගන්න.


ඉන්පසු Alcohol 120% හි (පහත 6 රූපයෙහි රතු රවුමෙන් දැක්වෙන) Image Making Wizard අයිකනය මත click කරන්න.

6 රූපය


 එවිට ඔබට පහත කවුළුව විවෘත වේ. මෙහි (1)හි රතු පැහැයෙන් දැක්වෙන කොටසින් ඔබ පරිගණකයට ඇතුලත් කර ඇති පරිගණක ක්‍රීඩා සීඩී/ඩීවීඩී එක පෙන්නුම් කරයි.

7 රූපය


ඉහත (2)හි දැක්වෙන Reading Option Tab එක මත click කරන්න. එව්ට පහත කවුළුව විවෘත වේ. එහි රතු පැහැයෙන් දැක්වෙන කොටසින්, Image එක save කර ගැනීමට අප විසින් සකස් කරගන්නා  folder එක තොරාගන්න. ඉන්පසු Start button  එක මත click කරන්න.

8 රූපය


ස්වල්ප වේලාවක් යනවිට පරිගණක ක්‍රීඩාවට අදාල Image එක නිර්මාණය වේ. නිර්මාණය වූ Image, Alcohol 120%හි පෙන්නුම් කරයි. එය පහත 9 රූපයෙන් දක්වා ඇත.

9 රූපය


අපි දැන් බලමු සකස් කරගන්නා ලද Image එක, අප විසින් සකස් කරගන්නා ලද අමතර සීඩී ඩ්‍රයිව් එකට යොදන්නෙ කොහොමද කියලා, ඒකට කියනවා Image Mount කිරීම කියලා. Alcohol 120%හි ඇති සකස් කරගන්නා ලද අමතර සීඩී ඩ්‍රයිව් එක මත Right click කරන්න. එහි ඇති Mount Image මත click කරන්න. එය පහත 10 රූපයේ දක්වා ඇත. නැතහොත් යතුරු පුවරුවේ Insert Key මත press කරන්න.

10 රූපය


ඉන්පසුව පහත 11 රූපය ආකාරයේ කවුළුවක් විවෘත වේ. එහිදී අප විසින් Image එක save කර ඇති  folder එක තොරාගන්න. 

       උදා :-  ඉහත දී මා විසින් සකස් කරගන්නා ලද  My Document තුල Alcohol Image නමින් Folder එක.

ඉන්පසු අදාල folder එක තුල ඇති පරිගණක ක්‍රීඩා සීඩී/ඩීවීඩී එකට අදාල Image එක තෝරාගෙන Open කරන්න.

11 රූපය


අදාල Image එක තෝරාගෙන Open කරගත් පසු සකස් කරගන්නා ලද සීඩී ඩ්‍රයිව් එක ඉදිරියෙන් Media Present- Loaded යනුවෙන් සදහන් වේ. දැන් පරිගණක ක්‍රීඩාවට අවශ්‍ය  සීඩී ඩ්‍රයිව් එක නිවරැදිව සකස් කර අවසානයි.

12 රූපය


දැන් අපට My computer ගිය විට පරිගණකයට සවිකර ඇති සීඩී ඩ්‍රයිව් එකට අමතරව අප සකස් කරගත් සීඩී ඩ්‍රයිව් එකේ  පරිගණක ක්‍රීඩා සීඩී/ඩීවීඩී එක ඇතුල්කර තිබෙන්නාක් මෙන් පෙන්නුම් කරනවා. එය පහත 11 රූපයේ දක්වා ඇත. 

13 රූපය


ඔන්න දැන් මගේ වැඩේ අවසානයි.....දැන් අපට පරිගණක ක්‍රීඩාවට අදාල සීඩී/ඩීවීඩී එක පරිගණකයෙන් ඉවත්කර පරිගණක ක්‍රීඩාවේ නිරත විය හැකිය. බලන්න දැන් කොතරම් පහසුද කියලා. කිසිම කරදරකාරී ක්‍රියාවකින් තොරව පහසුවෙන් ක්‍රියත්මක කල හැකි වෙනවා. මම හිතනවා මේ ලිපිය කියෙව්ව ඔයාලට මේ ගැන පැහැදිලි අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. 

එහෙනම් ඔන්න මේ ලිපියේ හොද-නරක, අඩු-පාඩු, මේ ගැන අළුත් දේ ගැනත් කියලා comment දාලා යන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් දවසක මගේ සේප්පුවෙන් ලිපියක් අරන් එනතුරු ඔබට ජය.....! 

අන්තර්ජාල පරිගණක දුරස්ථ පාලකය... (TeamViewer මෘදුකාංගය)

මම අද ඔයාලට ඉදිරිපත් කරන්නෙ පරිගණක දුරස්ථ පාලකයක් පිළිබදව. මෙය රූපවාහිනි යන්ත්‍ර, ඩීවීඩී යන්ත්‍ර වැනි උපකරණ වල භාවිතා කරන මෙන් විද්‍යුත් දුරස්ථ පාලකයක් නොවේ. මෙය අන්තර්ජාලය හරහා පරිගණක හැසිරවීමට යොදාගන්නා මෘදුකාංගයකි. එනම් එක් පරිගණකය සිට වෙනත් පරිගණකයක් හැසිරවීමට යොදාගත හැකි  මෘදුකාංගයකි. එම මෘදුකාංගය තමයි TeamViewer. මෙම මෘදුකාංගය මගින් අන්තර්ජාලය හරහා වෙනත් ස්ථානයක ඇති පරිගණයකින් අපගේ පරිගණකය පාලනය කිරීමට ඉඩසැලැස්වීම හෝ අපගේ පරිගණකය මගින් වෙනත් පරිගණකයක් හැසිරවීමට හැකියාවක් පවතිනවා. එපමණක් නොව මෙමගින් පරිගණක අතර ලිපිගොනු හුවමාරු කිරීමටත්, බෙදාහැරීමටත් හැකියාව පවතිනවා. 


   TeamViewer




TeamViewer මෘදුකංගය භාවිතාකිරීම.






TeamViewer මෘදුකාංගය විවෘත කරන සෑම අවස්ථාවකදීම මෘදුකාංගය මගින් භාවිතාකරන්නාට ආවේණික User ID එකක් හා Password එකක් සකස්කර දෙනු ලබයි . අපට කිසියම් පරිගණකයක් සමග සම්බන්ධ වී එම පරිගණකය හැසිරවීමට අවශ්‍ය වේ නම්, එම අනෙක් පරිගණකයේ User ID එක හා Password  එක එම පරිගණකය භාවිතාකරන්නාගෙන් ලබාගත යුතුය. එම ලබාගත් User ID එක TeamViewer කවුළුවේ Partner ID ස්ථානයට ලබා දී Connect to partner Button එක click කල පසු Partner Password  ලබාදිය යුතුය, ඒ සදහා අනෙක් පරිගණකයෙන් අප ලබාගත් Password එක ලබා දී පරිගණක දෙක සම්බන්ධ කල පසු අපගේ පරිගණක තිරය තුළ අනෙක් පරිගණකය හැසිරවීමට අවශ්‍යය කවුළුව විවෘත වේ. එමගින් අපට අවශ්‍ය පරිදි අනෙක් පරිගණකය පාලනය කල හැකිය. පරිගණක දෙක අතර සම්බන්ධතාවය විසන්ධි වූ පසු TeamViewr මෘදුකාංගය මගින් පරිගණක දෙක සදහා නව User ID හා Password සකස්කර ගනී.(User ID එකක් හා Password එකක් භාවිතාකල හැක්කේ එක් වතාවක් පමණි)


අවධානයයි :- මෙම මෘදුකාංගය භාවිතය විශ්වාසවන්ත පුද්ගලයන් සමග පමණක් සිදුකරන්න. මෙමගින් ඔබගේ පෞද්ගලික හෝ රහස්‍ය ලිපිගොනු/තොරතුරු භාවිතාකරන්නන් අතට පත්විය හැකිය.



තවත් දවසක අළුත් දෙයක් සමග හමුවෙමු......! ඔබට සුභ දවසක්!!

ආහ්....... යාළුවනේ මතාක් කරල comment එකකුත් දාලායන්න හොදේ.

අන්තර්ජාලය භාවිතා කරන අයට නැතුවම බැරි IDM with Crack Tool

ආයුබෝවන් !

යාළුවනේ මම අද ඔයාලට මගෙ සේප්පුවෙන් අලුත්ම අලුත් දෙයක් ගෙනාවා...

අන්තර්ජාලය භාවිතා කරන අයට නැතුවම බැරි දෙයක් තමයි Internet Download Manager කියන්නෙ, අපි මේක කෙටියෙන් හදුන්වනවා IDM කියලා. මොකක්ද මේ IDM? මේක අන්තර්ජාලයේ ඇති ගීත, වීඩියෝ, වැඩසටහන් වැනි දෑ ඉතා ඉක්මනින් හා පහසුවෙන් බා ගැනීම කල හැකි මෘදුකාංගයක්.


මෙහි නවතම සංස්කරණය තමයි  Internet Download Manager v6.23 






මෙතනින් බා ගන්න



              IDM මෘදුකාංගය Internet Explorer, AOL, MSN, Mozilla, Netscape, Firefox, Avant Browser, Google Chrome වැනි ඕනෑම ජනප්‍රිය බ්‍රව්සරයක් තුල ඉතා පහසුවෙන් ක්‍රියාත්මක වේ. මෙහිදී ඉතා පහසුවෙන් ඔබගේ බා ගැනීම සිදුකල හැකිය. කල යුත්තේ අදාල බා ගැනීම සදහා අවශ්‍ය link එක මත එක් වරක් click කිරීම පමණි. එවිට IDM මගින් ස්වයංක්‍රියවම ඔබට අවශ්‍ය බා ගැනීම සිදුකරයි. එනම් IDM මගින් ඔබගේ බා ගැනීම් සැනෙකින් හදුනාගෙන ඒවා ඉතාමත් වේගයෙන් බා ගැනීම සිදුකරයි. YouTube, Myspace-TV, හා Google Video වැනි ජනප්‍රිය වීඩියෝ වෙබ් අඩවි තුළින් වීඩියෝ නරඹන අතර තුර ලබාදෙන "Download This Video" යන button එක තුලින් ඉතා පහසුවෙන් අදාල වීඩීයෝ එක බා ගත හැකිය. සාමාන්‍යයෙන් අන්තර්ජාලයෙන් බා ගැනීමට සාපේක්ෂව, IDM හරහා සිදුකරන බා ගැනීම අදහාගත නොහැකි තරම් වේගවත් වේ, ආර්ක්ෂාකාරී වේ.


IDM මගින් අදාල බා ගැනීම සිදුවන අතරතුර Avast, Spy-bot, AVG Anti-Virus, McAfee, Spyware-blaster, C Cleaner වැනි ප්‍රතිවයිරස් මෘදුකාංග සමග සම්බන්ධ වී අන්තර්ජාලය හරහා පරිගණකයට පැමිණෙන විනාශකාරී වයිරස් හදුනාගෙන ඒවා ඉවත්කිරීමට කටයුතු කරයි. මෙමගින් අනවශ්‍ය බා ගැනීම් නිසා පරිගණකයට සිදුවන අනවශ්‍ය බලපෑම් තුලින් පරිගණකය ආරක්ෂාවීමක්ද සිදුවෙනවා.

සාමාන්‍යයෙන් අන්තර්ජාලයෙන් බා ගැනීමක් සිදුවන අතරතුර අන්තර්ජාල සම්බන්ධතාවය විසන්ධි වීමක් සිදුවුවහොත් සම්පූර්ණයෙන්ම බා ගැනීම ඉවත් වේ, නමුත් IDM මගින් බා ගැනීමක් සිදුවන අතරතුර අන්තර්ජාල සම්බන්ධතාවය විසන්ධි වීමක් සිදුවුවහොත් බා ගැනීම සම්පූර්ණයෙන්ම ඉවත් වීමක් සිදු නොවේ, එනම් විසන්ධි වීම දක්වා බා ගැනීම IDM මගින් පරිගණකයේ රදවා තබාගනු ලබයි, ඉතිරිය නැවත සම්බන්ධතාවය ලැබුනු විට බා ගැනීම සිදු වේ. මේ නිසා බා ගැනීමක් සිදුකරන විට අපට කිසිදු අපහසුතාවයක් ඇතිවන්නේ නැහැ.

               බලන්න යාළුවනේ Internet Download Manager කොතරම් පහසු, ආරක්ෂාකාරී මෘදුකාංගයක්ද කියලා. මම කිව්වට හරියන්නේ නැහැ ඔයාලා IDM භාවිතා කරලම බලන්න.





IDM Cracker Tool එක මෙතනින් බා ගන්න. 
Crack කර නොමිලේම ලියාපදිංචි වන්න. ඔන්න අපි IDM Crack කරල හොර වැඩකුත් කලා එහෙනම්



ආයෙත් දවසක හමුවෙමු. යාළුවනේ comment දාල යන්න අමතක කරන්න එපා.....

                                                                    ජය ශ්‍රී...!

තාවකාලික විද්‍යුත් තැපැල් ලිපිනයක් ලබාගනිමු.

අනේ යාළුවනේ තරහාවෙන්න නම් එපා ගොඩාක් දවසකින් මට සේප්පුව පැත්තෙ එන්නත් බැරි වුනා. දන්නවනෙ යාළුවනේ මිනිස්සු වුනාම මොනතරම් වැඩ රාජකාරි තියෙනවද කියලා, හික් හික්.... කන්දක් තරම් වැඩ රාජකාරි මැද්දෙ පුංචි විවේකයක් ලැබුනොත් මම ඉතින් පත්තරයක්, සගරාවක්, කියවන එකයි කරන්නෙ. මොකද යාළුවනේ "කියවීම මිනිසා සම්පූර්ණ කරයි" කියනවනේ. මේ දවස් ටිකේ මම free එකේ ඉන්නේ, ඉතින් වැඩිපුර කරන්නේ කියවන එක....ඔන්න ඉතින් ඊයෙ, පෙරේදා දවසක මම විජය පරිගණක සගරාව කියවනකොට මට ලැබුනා අමුතුම ආකාරයේ වෙබ් සේවා සපයන වෙබ් අඩවියක් ගැන තොරතුරු ටිකක්. මම ගොඩක් දවසකින් සේප්පුව polish කලෙත් නැති නිසා මම හිතුවා මෙ ගැන ඔයාලටත් කියන්න ඕනේ කියලා. ඒ තමයි,





යාළුවනේ, ඔයාලා අන්තර්ජාලයෙන් විවිධ වෙබ් සේවා ලබාගන්නට සමහර වෙබ් අඩවි වලට පිවිසෙන විට හෝ පිවිසීමට සක්‍රීය විද්‍යුත් තැපැල් ලිපින ඉල්ලා සිටිනවා. නමුත් සමහර අවස්ථා වලදී තමාගේ විද්‍යුත් තැපැල් ලිපිනය ලබාදීම වෙබ් සේවා ලබන්නාට නොවැදගත් විය හැකිය. මෙවැනි අවස්ථා වලදී තමාගේ සක්‍රීය විද්‍යුත් තැපැල් ලිපිනය ලබාදුන් විට අනවශ්‍ය විද්‍යුත් පණිවිඩ ලැබීම සිදුවිය හැකිය. මෙය කරදරකාරී වේ. නමුත් මෙවැනි අවස්ථා වලදී තාවකාලික විද්‍යුත් තැපැල් ලිපිනයක් ලබාගෙන එය යොදාගෙන අපට අවශ්‍ය වෙබ් සේවාව ලබාගැනීමට ඇත්නම් එය පහසුවකි.

එම පහසුකම දැන් ඔබට පහසුවෙන්ම ලබාගත හැකිය. 10minutemail වෙබ් අඩවිය මගින් එම පහසුකම ඔබට ලබාදේ.




පහත ආකාරයේ වෙබ් පිටුවක් ඔබට විවෘත වේ.
 



මෙහිදී ඔබට ඉහත රතු රවුමින් දක්වා ඇති පරිදි තාවකාලික විද්‍යුත් ලිපිනයක් ලබාදේ. එය සාමාන්‍යයෙන් මිනිත්තු 10ක කාලයක් සදහා සක්‍රීය වේ. මෙහිදී ඔබට ඉහත රතු රවුමින් දක්වා ඇති පරිදි තාවකාලික විද්‍යුත් ලිපිනයක් ලබාදේ. එය සාමාන්‍යයෙන් මිනිත්තු 10ක කාලයක් සදහා සක්‍රීය වේ. ඔබට ඉතිරිව ඇති කාලය ඔබගේ තාවකාලික විද්‍යුත් ලිපිනයට පහතින් පෙන්නුම් කරයි. ඔබට ලබාදෙන මිනිත්තු 10 කාලය ඉක්මවා යන්නේ නම්, ඔබට තවත් කාලය අවශ්‍ය නම් ඉහත නිල් රවුමින් දක්වා ඇති  ස්ථානයෙන් නැවත මිනිත්තු 10 කාලයක් ලබාගත හැකිය.




අන්තර්ජාලයේ වෙබ් සේවා ලබාගන්නා ඔබට මෙය වැදගත් වනු නොවනුමානය.


යාලුවනේ,මොකද මේ ගැන හිතෙන්නේ comments දාලම යන්න.
 
තවත් දවසක හමුවෙමු. සුභ දවසක්!



ඉක්මනින් හා පහසුවෙන් සිංහල ටයිප් කරන මග. (යුනිකෝඩ් එසැණින් පරිවර්තකය)

හ්ම්...............යාළුවනේ, මම අද සේප්පුවෙන් ඔයාලට නිතර නිතර වුවමනා වෙන දෙයකුත් අරගෙන ආවා ඔන්න. 

අපට යමක් සිංහලෙන් ටයිප් කරීමට යන අවස්ථා වලදී විවිධ ගැටළු වලට මුහුණදෙන්න සිදුවෙනවා. සමහර අවස්ථා වලදී අවශ්‍ය යමක් සිංහලෙන් ටයිප් කරගැනීමට විශාල කාලයක් වැයවෙනවා, විවිධ අපහසුතා ඇති වෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාංශය මේ සිංහල ටයිප් කිරීමේ කාර්යය පහසු කිරීමට යුනිකෝඩ් පරිවර්තකයක් නිර්මාණය කරල තිබෙනවා. 

















මෙය ඉතාමත් පහසුවෙන් ක්‍රියාත්මක කලහැකි වෙබ් පිටුවක්. ඔබ කලයුතු වන්නේ Transliterated box එක තුල සිංග්ලිෂ් ආකාරයෙන් (SMS භාෂාවෙන්) ටයිප් කිරීමයි. එවිට Unicode box එක තුල එයට අදාල යුනිකෝඩ් දිස්වේ. එය copy (Ctrl + C) කර අවශ්‍ය ස්ථානයට paste (Ctrl + V) කල යුතුය. බලන්න යාළුවනේ අපට දැන් සිංහලෙන් ට්යිප් කරන්න කොතරම් පහසුද කියලා. 


එම වෙබ් පිටුවේ දැක්වෙන Show Transliteration Scheme බොත්තම (ඉහත රූපයේ රතු රවුමින් දක්වා ඇති ) click කල පසු පහත රූපයෙ දැක්වෙන කවුළුව විවෘත වේ. එමගින් එක් එක් සිංහල අක්ෂරය සදහා අවශ්‍ය Transliteration Scheme ලබාගත හැකිවේ.




ඔබට අවශ්‍ය අක්ෂර වර්ගය තෝරාගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න.



*** මෙම වෙබ් පිටුව HTML file එකක් ලෙස save කරගැනීමෙන් අන්තර්ජාල සම්බන්ධතාවය නොමැති විටක වුවද මෙම යුනිකෝඩ් පරිවර්තකය භාවිතයට ගත හැකිය. ***



දැන් ඔබට මූණු පොතේ සිංහලෙන් comments දාන්න, වෙනත් අවශ්‍ය ලියකියවිලි සිංහලෙන් ටයිප් කරගන්න ඉතාමත් පහසුයි, ගතවන්නේ ඉතා සුළු කාලයක් පමණයි.


කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාංශයේ සහෝදර සහොදරියන්ට මෙවැනි නව සොයාගැනීම් කිරීමට ශක්තිය ධෛර්ය්‍ය ලැබේවා කියලා එයාලට සුභ පතලා ඔන්න එහෙනම් යාළුවනේ මම යනවා...... ඔයාල යනකොට මේකට comment එකකුත් දාගෙනම යන්න හොදේ. 

                                                            සුභ දවසක් ඔයාලට..!






වයිරස් ආසාදනයෙන් තොර පරිගණකයක් ඔබටත්

ඔයාලගේ පරිගණක වලට වයිරස් ආසාදන නිතර නිතර ඇතිවෙන්න පුළුවන්. ඒවායෙන් ආරක්ෂා වීමට පරිගණකය තුළ ප්‍රතිවයිරස් මෘදුකාංගයක් තිබීම අත්‍යවශ්‍ය. නමුත් කුමන ප්‍රතිවයිරස් මෘදුකාංගය භාවිතාකරන්නේද යන්න තොරාගැනීම බොහෝ දෙනෙක්ට ගැටළුවකි. මෙසේ පරිගණක ප්‍රතිවයිරස් මෘදුකාංගයක් තෝරාගැනීමේදී විශේෂයෙන් පරිගණකයේ මෙහෙයුම් පද්ධතියේ ආරක්ෂාව පිළිබදව සැලකිලිමත් විය යුතුය. මොකද බොහෝ ප්‍රතිවයිරස් මෘදුකාංග වයිරස් ඉවත්කිරීමේදී මෙහෙයුම් පද්ධතියට බලපෑම් සිදුකරයි. එමෙන්ම වයිරස් හදුනාගැනීමට එම ප්‍රතිවයිරස් මෘදුකාංගයට ඇති හැකියාව පිළිබදවද සැලකිලිමත් විය යුතුය. මම අද ඔයාලට සේප්පුවෙන් ඉදිරිපත් කරන්නේ ලොකයේ වැඩි දෙනෙකු භාවිතාකරන ජනප්‍රිය ප්‍රතිවයිරස් නාමයක් වන Avast පවුලේ නවතම සාමාජිකයා Avast Free Antivirus 2015 මෘදුකාංගයයි.




Avast Free Antivirus 2015







මෙතනින් බා ගන්න



ඔබ පරිගණකය ආරම්භ කල මොහොතේ සිට පරිගණකය අක්‍රිය කරන මොහොත දක්වා ඔබගේ පරිගණකයේ ආරක්ෂක කටයුතු පිලිබදව මෙම මෘදුකාංගය විමසිල්ලෙන් සිටී. ඔබ අන්තර්ජාලයේ සැරිසරන අවස්ථා වලදී, විද්‍යුත් තැපෑල භාවිතාකරන අවස්ථා වලදී  පවා මෙම මෘදුකාංගයෙන් ඔබට ආරක්ෂාව ලබා දේ. පරිගණකයට අවදානමක් ඇති විය හැකි අවස්ථා වලදී ඔබව දැනුවත් කරනු ලබයි, එමෙන්ම ඒ සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලබයි. ඔබ පරිගණකයට අවදානම් සහිත මෘදුකාංගයක් ස්ථාපිත කලහොත් ඒ බව මෙම ප්‍රතිවයිරස් මෘදුකාංගය මගින් ඔබව දැනුවත් කරයි, එය ක්‍රියාත්මක කල යුතු දැයි විමසයි. එබැවින් ඔබගේ පරිගණකයට සුදුසු මෘදුකාංග පමණක් තොරාගැනීමට අපට හැකිවේ. සැබවින්ම මෙය ප්‍රතිවයිරස් මෘදුකාංගයක්ම පමණක් නොව, මෙය බහුකාර්ය මෘදුකාංගයක් ලෙස හැදින්වුවද වරදක් නැත.



බොහෝ ප්‍රතිවයිරස් මෘදුකාංග එය ලියාපදිංචිය සිදුකරන තුරු නිසි ආකාරව ක්‍රියාත්මක නොවේ. ලියාපදිංචි කිරීමට මුදල් ගෙවීමට පවා සිදුවේ. නමුත් Avast Free Antivirus මෘදුකාංගය වර්ශයක් දක්වා නොමිලේ ලියාපදිංචි කාලයක් ලබාදේ.






අවශ්‍ය තොරතුරු ලබා දී, ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනයට Free License Key එක ලබාගත හැකිය.


එහෙනම් යාළුවනේ ආයෙත් දවසක  තවත් අළුත් දෙයකුත් අරගෙන එන්නම්.  comment එකකුත් දාලා යන්න.


ජය වේවා....!




VLC මාධ්‍ය ධාවකය දැන් සිංහලෙන්

මම අද ඔයාලට ඉදිරිපත් කරන්නේ අපේ සිංහල භාෂාවෙන් භාවිතා කළ හැකි මාධ්‍ය ධාවකයක් (Media Player) ක් පිළිබදව. ඔයාල ගොඩක් දෙනෙක් භාවිතා කරනවා ඇති VLC මාධ්‍ය ධාවකය, නමුත් ගොඩාක් දෙනෙක් නොදන්නවා ඇති මාධ්‍ය ධාවකය සිංහල භාෂාවෙන් භාවිතා කළ හැකි බව. මම අද ඒ නොදන්න සියළු දෙනාටම දැනගන්න කියල දෙන්නම් කොහොමද VLC මාධ්‍ය ධාවකය සිංහලෙන් භාවිතාකරන්නෙ කියලා.


 VLC Media Player




VLC Media Player නොමැති අය මෙතනින් බා ගන්න.


මුලින්ම ඔබ විසින් බා ගනු ලැබූ VLC Media Player පරිගණකයට ස්ථාපිත කරගන්න. ඉන්පසු VLC Media Player විවෘත කර Tools Tab Click කරන්න. එවිට පහත රූපයේ ආකාරයේ Drop down list එකක් ලැබේ.






එහි ඇති Preferences තෝරාගන්න (රතු රවුමින් දක්වා ඇති ). නැතහොත් යතුරු පුවරුවේ Ctrl + P යතුරු එකවර තද කරන්න. ඉන්පසු පහත ආකාරයේ නව කවුළුවක් විවෘත වේ.





 එහි Menus language හි ඉදිරියෙන් ඇති Drop down list එක click කර, ඉන් සිංහල භාෂාව තෝරාගන්න (නිල් රවුමින් දක්වා ඇති ). ඉන්පසු Save කරගන්න. දැන් ඔබ VLC මාධ්‍ය ධාවකය විවෘත කල පසු පහත පරිදි නව සිංහල මුහුණතක් සමග දිස්වේ.




***  Windows 7, Windows 8 හා Windows 8.1 මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන ඔබටත් දැන් මේ නව අත්දැකීම විදගත හැකිය.



යාළුවනේ ඔයාලත්  Comment එකක්, Like එකක් දාලා ගියාට කවුරුත් මොකුත් කියන්නෙ නෑ හොදේ.....

නැවත හමුවෙමු.






^ Scroll to Top