Sunday, March 22, 2015

අන්තර්ජාල පරිගණක දුරස්ථ පාලකය... (TeamViewer මෘදුකාංගය)

මම අද ඔයාලට ඉදිරිපත් කරන්නෙ පරිගණක දුරස්ථ පාලකයක් පිළිබදව. මෙය රූපවාහිනි යන්ත්‍ර, ඩීවීඩී යන්ත්‍ර වැනි උපකරණ වල භාවිතා කරන මෙන් විද්‍යුත් දුරස්ථ පාලකයක් නොවේ. මෙය අන්තර්ජාලය හරහා පරිගණක හැසිරවීමට යොදාගන්නා මෘදුකාංගයකි. එනම් එක් පරිගණකය සිට වෙනත් පරිගණකයක් හැසිරවීමට යොදාගත හැකි  මෘදුකාංගයකි. එම මෘදුකාංගය තමයි TeamViewer. මෙම මෘදුකාංගය මගින් අන්තර්ජාලය හරහා වෙනත් ස්ථානයක ඇති පරිගණයකින් අපගේ පරිගණකය පාලනය කිරීමට ඉඩසැලැස්වීම හෝ අපගේ පරිගණකය මගින් වෙනත් පරිගණකයක් හැසිරවීමට හැකියාවක් පවතිනවා. එපමණක් නොව මෙමගින් පරිගණක අතර ලිපිගොනු හුවමාරු කිරීමටත්, බෙදාහැරීමටත් හැකියාව පවතිනවා. 


   TeamViewer




TeamViewer මෘදුකංගය භාවිතාකිරීම.






TeamViewer මෘදුකාංගය විවෘත කරන සෑම අවස්ථාවකදීම මෘදුකාංගය මගින් භාවිතාකරන්නාට ආවේණික User ID එකක් හා Password එකක් සකස්කර දෙනු ලබයි . අපට කිසියම් පරිගණකයක් සමග සම්බන්ධ වී එම පරිගණකය හැසිරවීමට අවශ්‍ය වේ නම්, එම අනෙක් පරිගණකයේ User ID එක හා Password  එක එම පරිගණකය භාවිතාකරන්නාගෙන් ලබාගත යුතුය. එම ලබාගත් User ID එක TeamViewer කවුළුවේ Partner ID ස්ථානයට ලබා දී Connect to partner Button එක click කල පසු Partner Password  ලබාදිය යුතුය, ඒ සදහා අනෙක් පරිගණකයෙන් අප ලබාගත් Password එක ලබා දී පරිගණක දෙක සම්බන්ධ කල පසු අපගේ පරිගණක තිරය තුළ අනෙක් පරිගණකය හැසිරවීමට අවශ්‍යය කවුළුව විවෘත වේ. එමගින් අපට අවශ්‍ය පරිදි අනෙක් පරිගණකය පාලනය කල හැකිය. පරිගණක දෙක අතර සම්බන්ධතාවය විසන්ධි වූ පසු TeamViewr මෘදුකාංගය මගින් පරිගණක දෙක සදහා නව User ID හා Password සකස්කර ගනී.(User ID එකක් හා Password එකක් භාවිතාකල හැක්කේ එක් වතාවක් පමණි)


අවධානයයි :- මෙම මෘදුකාංගය භාවිතය විශ්වාසවන්ත පුද්ගලයන් සමග පමණක් සිදුකරන්න. මෙමගින් ඔබගේ පෞද්ගලික හෝ රහස්‍ය ලිපිගොනු/තොරතුරු භාවිතාකරන්නන් අතට පත්විය හැකිය.



තවත් දවසක අළුත් දෙයක් සමග හමුවෙමු......! ඔබට සුභ දවසක්!!

ආහ්....... යාළුවනේ මතාක් කරල comment එකකුත් දාලායන්න හොදේ.

No comments:

Post a Comment

^ Scroll to Top