Sunday, March 22, 2015

තාවකාලික විද්‍යුත් තැපැල් ලිපිනයක් ලබාගනිමු.

අනේ යාළුවනේ තරහාවෙන්න නම් එපා ගොඩාක් දවසකින් මට සේප්පුව පැත්තෙ එන්නත් බැරි වුනා. දන්නවනෙ යාළුවනේ මිනිස්සු වුනාම මොනතරම් වැඩ රාජකාරි තියෙනවද කියලා, හික් හික්.... කන්දක් තරම් වැඩ රාජකාරි මැද්දෙ පුංචි විවේකයක් ලැබුනොත් මම ඉතින් පත්තරයක්, සගරාවක්, කියවන එකයි කරන්නෙ. මොකද යාළුවනේ "කියවීම මිනිසා සම්පූර්ණ කරයි" කියනවනේ. මේ දවස් ටිකේ මම free එකේ ඉන්නේ, ඉතින් වැඩිපුර කරන්නේ කියවන එක....ඔන්න ඉතින් ඊයෙ, පෙරේදා දවසක මම විජය පරිගණක සගරාව කියවනකොට මට ලැබුනා අමුතුම ආකාරයේ වෙබ් සේවා සපයන වෙබ් අඩවියක් ගැන තොරතුරු ටිකක්. මම ගොඩක් දවසකින් සේප්පුව polish කලෙත් නැති නිසා මම හිතුවා මෙ ගැන ඔයාලටත් කියන්න ඕනේ කියලා. ඒ තමයි,





යාළුවනේ, ඔයාලා අන්තර්ජාලයෙන් විවිධ වෙබ් සේවා ලබාගන්නට සමහර වෙබ් අඩවි වලට පිවිසෙන විට හෝ පිවිසීමට සක්‍රීය විද්‍යුත් තැපැල් ලිපින ඉල්ලා සිටිනවා. නමුත් සමහර අවස්ථා වලදී තමාගේ විද්‍යුත් තැපැල් ලිපිනය ලබාදීම වෙබ් සේවා ලබන්නාට නොවැදගත් විය හැකිය. මෙවැනි අවස්ථා වලදී තමාගේ සක්‍රීය විද්‍යුත් තැපැල් ලිපිනය ලබාදුන් විට අනවශ්‍ය විද්‍යුත් පණිවිඩ ලැබීම සිදුවිය හැකිය. මෙය කරදරකාරී වේ. නමුත් මෙවැනි අවස්ථා වලදී තාවකාලික විද්‍යුත් තැපැල් ලිපිනයක් ලබාගෙන එය යොදාගෙන අපට අවශ්‍ය වෙබ් සේවාව ලබාගැනීමට ඇත්නම් එය පහසුවකි.

එම පහසුකම දැන් ඔබට පහසුවෙන්ම ලබාගත හැකිය. 10minutemail වෙබ් අඩවිය මගින් එම පහසුකම ඔබට ලබාදේ.




පහත ආකාරයේ වෙබ් පිටුවක් ඔබට විවෘත වේ.
 



මෙහිදී ඔබට ඉහත රතු රවුමින් දක්වා ඇති පරිදි තාවකාලික විද්‍යුත් ලිපිනයක් ලබාදේ. එය සාමාන්‍යයෙන් මිනිත්තු 10ක කාලයක් සදහා සක්‍රීය වේ. මෙහිදී ඔබට ඉහත රතු රවුමින් දක්වා ඇති පරිදි තාවකාලික විද්‍යුත් ලිපිනයක් ලබාදේ. එය සාමාන්‍යයෙන් මිනිත්තු 10ක කාලයක් සදහා සක්‍රීය වේ. ඔබට ඉතිරිව ඇති කාලය ඔබගේ තාවකාලික විද්‍යුත් ලිපිනයට පහතින් පෙන්නුම් කරයි. ඔබට ලබාදෙන මිනිත්තු 10 කාලය ඉක්මවා යන්නේ නම්, ඔබට තවත් කාලය අවශ්‍ය නම් ඉහත නිල් රවුමින් දක්වා ඇති  ස්ථානයෙන් නැවත මිනිත්තු 10 කාලයක් ලබාගත හැකිය.




අන්තර්ජාලයේ වෙබ් සේවා ලබාගන්නා ඔබට මෙය වැදගත් වනු නොවනුමානය.


යාලුවනේ,මොකද මේ ගැන හිතෙන්නේ comments දාලම යන්න.
 
තවත් දවසක හමුවෙමු. සුභ දවසක්!



No comments:

Post a Comment

^ Scroll to Top